AFC Banner
Empty Ad
Empty Ad

දැඩි පාලනය නොතකා චීන විරෝධතාවල සැලකිය යුතු වැඩිවීමක්

ඇමරිකානු ලාබ නොලබන මානව හිමිකම් සංවිධානයක්, අගෝස්තු 28 වන දින නිකුත් කරන ලද එහි නවතම වාර්තාවේ, අප්‍රේල් සහ ජූනි අතර චීනයේ විරෝධතා සිදුවීම් 805ක් ලේඛනගත කර ඇති අතර, එය චීන කොමියුනිස්ට් පාලන තන්ත්‍රයේ දැඩි පාලනයන් නොතකා, 2023 එම කාල සීමාවට සාපේක්ෂව සියයට 18 ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.

වොෂින්ටනය පදනම් කරගත් ෆ්‍රීඩම් හවුස් හි චයිනා ඩිසෙන්ට් මොනිටර් (සීඩීඑම්) වාර්තාවට අනුව, චීනයේ නගර 370ක් පුරා වාර්තා වූ විසම්මුති සිදුවීම්වලින් වැඩි ප්‍රමාණයක් කම්කරු ආරවුල් (සියයට 44) සහ නිවාස හිමියන්ගේ විරෝධතා (සියයට 21) සම්බන්ධ ඒවායි.

ග්‍රාමීය පදිංචිකරුවන්, සිසුන්, දෙමාපියන්, ආයෝජකයින්, පාරිභෝගිකයින්, ආගමික කණ්ඩායම්වල සාමාජිකයින්, ක්‍රියාකාරීන්, ටිබෙට් ජාතිකයන්, වාර්ගික මොන්ගෝලියානුවන් සහ LGBT+ ප්‍රජාවේ සාමාජිකයින් වැනි විවිධ කණ්ඩායම් ඊට සම්බන්ධ වී තිබෙනවා.

Guangdong පළාතේ වැඩිම විරෝධතා සංඛ්‍යාවක් දක්නට ලැබුණු අතර, එය මුළු ප්‍රමාණයෙන් සියයට 13ක්.

CCP පාලනය සහ එහි වාරණය හේතුවෙන් එකතු කර ගැනීමට හැකි වූ ප්‍රමාණයට වඩා සැබෑ විරෝධතා සංඛ්‍යාව විශාල බව මානව හිමිකම් සංවිධානය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?