AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා A කණ්ඩායමට ටෙස්ට් ජයක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම; දකුණු අප්‍රිකානු A කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමින් පළමු ටෙස්ට් තරගය විශිෂ්ට ලෙස ජයගත්තා.

තරගය දකුණු අප්‍රිකාවේ Kimberley ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර දකුණු අප්‍රිකානු A කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 372ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ශ්‍රී ලංකා A කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 323ක් පමණි.

ඒ අනුව ලකුණු 49ක් පළමු ඉනිමෙන් පෙරමුණ ගනිමින් දකුණු අප්‍රිකානු A කණ්ඩායම සිය දෙවැනි ඉනිම ඇරඹුව ද ඔවුන් සියලු දෙනා ලකුණු 124කට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පහසු ඉලක්කයක් හිමිකර දෙමින්.

දෙවැනි ඉනිම සඳහා ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 04ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කළා.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 80ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
40
+1
1
+1
14
+1
1
+1
1
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?