ඖෂධ තොගයක් නීතිවිරෝධී ලෙසින් රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධී ලෙස සහ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු අද දින (11) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ඉන්දීය ජාතික ගුවන් මගියෙක් වන අතර මොහු ගුවන් මගින් විවිධ ඖෂධ වර්ග මේ ආකාරයට රැගෙනවිත්, රට පුරා පිහිටි පෞද්ගලික ඔසු සැල් සහ රෝහල් වෙත අලෙවි කිරීමේ ජාවාරමක නිරතවී තිබෙනවා.

මෙම පුද්ගලයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව ඖෂධ තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණා.

මෙම ඖෂධ අතර පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිතව හට ගන්නා පිළිකා මර්දනයට යොදා ගන්නා එන්නත්, කාන්තාවන්ගේ සරුබව වර්ධනය කිරීමට යොදා ගන්නා ඖෂධ සහ කාන්තාවන්ගේ සම සුදු පැහැ ගැන්වීමට භාවිතා කරන ආලේපන ඇතුළු තවත් ඖෂධ වර්ග රාශියක් මොහු සිය ගමන් මලු තුළ සගවා ගෙන මෙරටට රැගෙන විත් තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමිගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර තිබුණා.

මෙසේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඖෂධ තොගය රාජසන්තක කර, මේවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52