AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 20ක් රෝහලට

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අද (11) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහලගත කර තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ බස් රථයක් සහ ලොරි රථයක්.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ වාහන ද්විත්වයම එකිනෙක ගැටී ඇති බවයි පැවසෙන්නේ.

මෙම අනතුරින් තුවාල ලැබූ බොහෝ දෙනෙක් බස් රථයේ ගමන් කළ අය බවත් වාර්තා වනවා.

අනතුර සිදු ව ඇත්තේ වරකාපොළ – දුම්මලදෙණිය ප්‍රදේශයේ දීයි.

අනතුරින් තුවාල ලැබූවන් වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය බාධා එල්ල වී ඇති අතර පොලිස් රථ වාහන අංශය මැදිහත් ව එම තත්ත්වය යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?