ගුවන් සෙබළිය පැහැරගත් සෙබළ පුතු සහ පියා රක්ෂිත බන්ධනාගාරයට

පුත්තලම – පාලවිය ගුවන් හමුදා කඳවුරේ සේවයට පැමිණෙමින් සිටි ගුවන් සෙබළියක් ඊයේ (07) දින පැහැරගෙන ගොස් තිබුණා.

ඇය පුත්තලම පාලවිය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි වයස අවුරුදු 27 ක් වන ගුවන් සෙබළියක්

සිය යතුරුපැදියෙන් ඊයේ (07) දින රාජකාරිය සඳහා කඳවුර බලා එමින් සිටිය දී මෙසේ පැහැර ගැනීමට ලක්ව තිබුණා.

පැහැර ගැනීම සිදුකර ඇත්තේ, චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකාර සෙබළෙක් සහ ඔහුගේ පියා බවයි වාර්තා වන්නේ.

සෙබළා සහ ඔහුගේ පියා යන දෙපළ විසින් එකවරම මෝටර් රථයකින් පැමිණ මාර්ගය හරස් කොට සෙබළියගේ මුහුණට ලේන්සුවක් වැනි යමක් තබා සිර කර ඇයව සිහිමුර්ජා කර පැහැර ගෙන එම ප්‍රදේශයේ පාලු නිවසකට රැගෙන විත් තිබෙනවා.

ගුවන් සෙබළියගේ සැමියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට සම්බන්ධ පිය පුතු දෙපළ අත්අඩංගුවට ගැණුනා.

පසුව පොලිසිය ඔවුන්ගෙන් කළ මූලික ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ගුවන් සෙබළා සහ පැහැර ගැනීමට ලක් වූ සෙබළිය අතර කාලයක් පුරා ප්‍රේම සම්බන්ධයක් ඇතිව තිබූ බවයි.

පසුව අත්අඩංගුවට ගත් පිය පුතු දෙපළ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය දෙදනාටම ඇප නියම කළ ද ඇප තැබීම සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56