අද (07) උදෑසන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට වයඹ දෙසින් රික්ටර් පරිමාණයේ 4.5 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
මෙම භූමිකම්පාවත් සමඟ දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම භූමිකම්පාව පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 05ක් ගැඹුරින් සිදු වී ඇති අතර, සිඩ්නි නගරයේ ජනතාවට ද එය දැනී තිබෙනවා.
සිඩ්නි නගරයට කිලෝමීටර 170ක් පමණ වයඹ දෙසින් පිහිටි Muswellbrook නගරයට ආසන්නයේ, ප්‍රාදේශීය වේලාවෙන් උදෑසන 5:58ට පමණ භූමිකම්පාව වාර්තා වී තිබෙනවා.
භූමිකම්පාව සිදු වූ ප්‍රදේශය ඕස්ට්‍රේලියාවේ විශාලතම ගල් අඟුරු කැණීම් කලාපයක් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
4
+1
2
+1
1