මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවන විවාදය අද (07) පස්වරු 3.00ට ආරම්භ වනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙක් සහභාගී වීමට නියමිත අද දිනය්ව් පැවැත්වෙන විවාදය පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතයි.
අද දිනයේ විවාදය සඳහා ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ අරියනේත්‍රන් පාක්කියසෙල්වම් යන අපේක්ෂකයින් සහභාගී වනවා.
මේ අතර රට ගොඩගන්නේ කෙසේද ? යන්න තේමාව ඔස්සේ පැවැත්වෙන මෙම විවාදය සඳහා ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක යන අය සහභාගී නොවන බවට දැනුම් දී තිබෙනවා.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත මෙම විවාදය පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා ‘දසත නිව්ස්’ ෆේස්බුක් සහ යූටියුබ් නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා.














අනුර සහෝදරයා ඇයි අද විවාදයට සහභාගි නොවන්නේ.මගේ බිරිඳ මෙතෙක් කලක් ඡන්දය දුන්නේ සජිත් ප්‍රේමදාස ට.මම යන්තම් කියල කියල අනුරට දෙන්න හිත හැදුවා.එයු අහනවා ඇයි අනුර විවාදයට නොයන්නේ.මම වගේ පාවෙන ඡන්ද කොහොමද අනුර ව විස්වාස කරන්නේ කියල.මට කට උත්තර නෑ.ඇත්තටම පාවෙන ඡන්ද ටික ගන්න නම් අනුර විවාදයට යා යුතු නේද
අනිවාර්යෙන්ම….