පොලිස් සැරයන්වරයෙකු පැදවූ වෑන් රියෙහි ගැටී මවක් හා දියණියක් මරුට – බිළිඳියකට බරපතළ තුවාල

එප්පාවල – කැකිරාව බී.213 මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේ වංගුවක් අසල දී පොලිස් සැරයන්වරයෙකු පැදවූ වෑන් රථයක යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව කුඩා බිළිඳියක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ මෙම අනතුර සිදු ව ඇති අතර; අනතුරින් මියගොස් ඇත්තේ එකම පවුලේ මව සහ දියණිය වන අතර ඔවුන් මකුලෑව – බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එන්. චන්ද්‍රලතා නමැති 58 හැවිරිදි සිව්දරු මවක් සහ ඇගේ දියණිය වන ඉන්ද්‍රාණි වීරසිංහ නමැති 38 හැවිරිදි තිදරු මවක් බවයි පොලිසිය පැවසුවේ.

තුවාලකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද එප්පාවල පොලිසිය පැවසුවා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ දියණියගේ සැමියා නාවික හමුදා සාමාජිකයකු වන බවත් එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහගෙදරට ගොස් නැවත මකුලෑවට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවත් හෙළි ව තිබෙනවා.

වෑන් රථ රියදුරා වන, පොලිස් සැරයන්වරයාට නින්ද යාම හේතුවෙන් එම වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
12
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?