පොලිස් සැරයන්වරයෙකු පැදවූ වෑන් රියෙහි ගැටී මවක් හා දියණියක් මරුට – බිළිඳියකට බරපතළ තුවාල

එප්පාවල – කැකිරාව බී.213 මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේ වංගුවක් අසල දී පොලිස් සැරයන්වරයෙකු පැදවූ වෑන් රථයක යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව කුඩා බිළිඳියක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ මෙම අනතුර සිදු ව ඇති අතර; අනතුරින් මියගොස් ඇත්තේ එකම පවුලේ මව සහ දියණිය වන අතර ඔවුන් මකුලෑව – බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එන්. චන්ද්‍රලතා නමැති 58 හැවිරිදි සිව්දරු මවක් සහ ඇගේ දියණිය වන ඉන්ද්‍රාණි වීරසිංහ නමැති 38 හැවිරිදි තිදරු මවක් බවයි පොලිසිය පැවසුවේ.

තුවාලකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද එප්පාවල පොලිසිය පැවසුවා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ දියණියගේ සැමියා නාවික හමුදා සාමාජිකයකු වන බවත් එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහගෙදරට ගොස් නැවත මකුලෑවට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවත් හෙළි ව තිබෙනවා.

වෑන් රථ රියදුරා වන, පොලිස් සැරයන්වරයාට නින්ද යාම හේතුවෙන් එම වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
12
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21