AFC Banner
Empty Ad
Empty Ad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ගන්න අනිවාර්යෙන් ගෙදර ඉන්න – නියෝජ්‍ය තැපැල්පති (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (03) දිනයේ ආරම්භ වූ බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ සඳහන් කළා.

මේ වනවිටත් එම කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා අනෙකුත් ලිපි මෙන් නිවසේ ඇති ලියුම් පෙට්ටියට බහාලීමක් සිදුනොකරන බව සඳහන් කළ ඔහු, ඒ හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීම සඳහා නිවසේ කිසියම් අයෙකු රැඳී සිටීම අනිවාර්ය බව සඳහන් කළා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සැප්තැම්බර් 14 වනදා දක්වා සිදු කෙරෙන අතර, ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස එළඹෙන 08 වන ඉරිදා නම්කර ඇති බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා මෙහි දී පැවසුවා.

මේ අතර සැප්තැම්බර් 14 වනදා දක්වා ම තමන්ට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගැනීමට නොහැකි වූ ඡන්දදායකයින්ට තමන්ගේ ඡන්ද දැන්වීම් පත්‍රිකාව තම ලිපි බෙදාහරින තැපැල් කාර්යාලය වෙත ගොස් එහි ස්ථානාධිපතිවරයාට සිය ආනයන්‍යතාවය තහවුරුකර මැතිවරණ දිනය දක්වාම ලබාගැනීමේ හැකියාව ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?