AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවට ආවේණික උභය ජීවීන් රට පටවන්න හැදූ විදෙස් ජාතිකයින් නීතියට කොටුවෙයි

ජාතික උද්‍යාන ආශ්‍රිත ජෛව සම්පත් සුක්ෂ්ම ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ රුසියානු ජාතිකයන්
දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වී මෙරටට ආවේණික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සාහ
කළ රුසියානු ජාතිකයන් දෙදෙනෙකු වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව සැකකරුවන්ව හෙට (03) දින දක්වා ද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

Kurylev saveliy alexandrovich සහ Kolchevskii nikolai ilyich යන පිළිවෙළින් වයස අවුරුදු 17-21 වයස්වල පසුවන්නන් දෙදෙනකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකාර රුසියානු ජාතිකයන් දෙදෙනා ඉකුත් (19) දින දිවයිනට පැමිණ එම වනාන්තර වෙත ගොස් මෙරටට ආවේණික වඳවීමේ තර්ජනයට ලක් ව ඇති ආරක්ෂිත උභය ජීවීන්, උරගයින් ඇතුළු සත්ත්ව විශේෂ 197 ක් පමණ ඔවුන් විසින් අල්ලා සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි සංචාරක හෝටල් කාමරයක සඟවා තබා ඇති බවත් හෙළිව තිබෙනවා.

ඒ පිළිබඳව වනජීවී දෙපාර්තුමේන්තුව වෙත ලද තොරතුරක් මත වනජීවී නිලධාරින් පිරිසක් සිංහරාජ රක්ෂිතය වෙත ගොස් අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?