අධිකරණයට අපහාස කළ බවට කියන මෛත්‍රීගේ නඩුව සලකා බැලීමට දින නියම වෙයි

‘අධිකරණයට අපහාස කළේ’ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 27 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද (02)අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අදාළ තීරණය ලබා දුන් බවයි.

මෙම පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට පසුගිය මැයි 30 වැනිදා නියෝග කෙරුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම කැඳවු අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කිරිමෙන් පසුව සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

එමෙන්ම ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු නොකළ අතර අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අපහාසයක් සිදු කර නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කළා.

එහිදි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා ඉල්ලා සිටියේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 27 වැනිදා කැඳවන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43