විදේශයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙනයමින් සිටි පුද්ගලයෙක් අද (01) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 30 ක් වන මොහු රූපලාවන්‍ය උපකරණ සහ ආලේපන විදේශ රටවල සිට මෙරටට ගෙනැවිත් අලෙවි කිරීම් සිදුකරන පානදුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

ඔහු විසින් රැගෙන ආ රූපලාවන්‍ය උපකරණ සහ ආලේපන අඩංගු ගමන් මලු තුළ මෙම දුම්වැටි තොගය සඟවා තිබුණා.

දුම්වැටි 20,000 ක් අඩංගු පෙට්ටි 100 ක් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැණුනු සැකකරු පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබූ අතර, එළඹෙන 03 වනදා දින මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

blur 01
blur 02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57