AFC Banner
Empty Ad
Empty Ad

දේශසීමා උල්ලංඝනය කළාට ජපානයෙන්, චීනයට තරවටුවක්

චීන හමුදා ගුවන් යානයක් ප්‍රථම වරට තම ගුවන් දේශසීමා උල්ලංඝනය කළ බව ජපානය ප්‍රකාශ කරනවා.

නැගෙනහිර චීන මුහුදේ දුරස්ථ දූපත්වලට ඔබ්බෙන් චීන හමුදා බුද්ධි තොරතුරු රැස් කිරීමේ ගුවන් යානයක් ඊයේ (26) දින තම භෞමික ගුවන් සීමාවට ඇතුළු වූ බව ජපානය ප්‍රකාශ කළා.

ජපානය සහ චීනය අතර ඇති දේශසීමා ගැටළු මුල් කරගනිමින් නව තරවටුවක් නිර්මාණය විය හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

චීන ඔත්තු බැලීමෙ ගුවන් යානයක් වන Y-9 මෙලෙසින් ඩැන්ජෝ දූපත්වල නැගෙනහිර දෙසින් සෘජුකෝණාස්‍රාකාර පරිපථ රටාවකින් පියාසර කර ඇති බවයි ජපාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සිතියමක දැක්වෙන්නේ.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන් ගුවන් ස්වයං ආරක්‍ෂක බලකායේ ප්‍රහාරක ජෙට් යානා කටයුතු කළ ද ගැටුමක් වාර්තා නොවුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?