IMF සමග සාකච්ඡාවකට සජබෙ සූදානමින් – ජනපතිගේ දැනුම්දීමට මද්දුමබණ්ඩාරගෙන් නිවේදනයක්

සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (27) පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කරමින් මහලේකම්වරයා සඳහන් කර ඇත්තේ; ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ දී පැවසූ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ගිවිසුම් සහ එයට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වීඩියෝ සාකච්ඡාවකට තමා සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

එම වීඩියෝ සාකච්ඡාවට සමගි ජන බලවේගය ඇතුළු පාර්ශ්වලට ද සම්බන්ධ වී අදහස් දැක්විය හැකි බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

රටේ ආර්ථික අර්බුදය හඳුනාගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බව මුල් වරට ප්‍රකාශ කළේත්, ඉල්ලීමක් සිදු කළේ ද සමගි ජන බලවේගය බවට එම පක්ෂයේ මහලේකම්වරයා නිවේදනය මගින් දක්වා තිබෙනවා.

එය 2020 වසරේ අගෝස්තු මාසයේ දී පැවසූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රටේ ආර්ථික අර්බුදය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකට ගොස් මූල්‍ය අරමුදලේ සහාය රටට ලබාගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ද රට බංකොලොත් වීමට පෙර බවට ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණගැසී සාකච්ඡා කර ඇති බවත්; ඒ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට බලපාන කොන්දේසි වෙතොත් ඒවා සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

එබැවින් අයි.එම්.එෆ් යෝජනා සහ කොන්දේසි ලෙස පවසමින් රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැබෑ අදහස් නොවන බවත්; එබැවින් ඕනෑම අවස්‍ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව ද මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සිය නිවේදනය මගින් දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18