IMF සමග සාකච්ඡාවකට සජබෙ සූදානමින් – ජනපතිගේ දැනුම්දීමට මද්දුමබණ්ඩාරගෙන් නිවේදනයක්

සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (27) පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කරමින් මහලේකම්වරයා සඳහන් කර ඇත්තේ; ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ දී පැවසූ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ගිවිසුම් සහ එයට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වීඩියෝ සාකච්ඡාවකට තමා සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

එම වීඩියෝ සාකච්ඡාවට සමගි ජන බලවේගය ඇතුළු පාර්ශ්වලට ද සම්බන්ධ වී අදහස් දැක්විය හැකි බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

රටේ ආර්ථික අර්බුදය හඳුනාගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බව මුල් වරට ප්‍රකාශ කළේත්, ඉල්ලීමක් සිදු කළේ ද සමගි ජන බලවේගය බවට එම පක්ෂයේ මහලේකම්වරයා නිවේදනය මගින් දක්වා තිබෙනවා.

එය 2020 වසරේ අගෝස්තු මාසයේ දී පැවසූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රටේ ආර්ථික අර්බුදය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකට ගොස් මූල්‍ය අරමුදලේ සහාය රටට ලබාගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ද රට බංකොලොත් වීමට පෙර බවට ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණගැසී සාකච්ඡා කර ඇති බවත්; ඒ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට බලපාන කොන්දේසි වෙතොත් ඒවා සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

එබැවින් අයි.එම්.එෆ් යෝජනා සහ කොන්දේසි ලෙස පවසමින් රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැබෑ අදහස් නොවන බවත්; එබැවින් ඕනෑම අවස්‍ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව ද මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සිය නිවේදනය මගින් දන්වා සිටිනවා.

Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?