AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරියක් දූෂණයකර ඝාතනය කිරීමේ සිද්ධියට ඉන්දියාව යළිත් උණුසුම් වෙයි

කොල්කටා හි ආධුනික වෛද්‍යවරියක් දූෂණයකර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ යළිත් විරෝධතා හටගෙන තිබෙනවා.

අභ්‍යාසලාභී වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාමකාමීව විරෝධය පළ කරමින්, නඩුවේ යුක්තිය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් බෙංගාල ප්‍රාන්ත මහ ඇමතිනි මමතා බැනර්ජි ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් ‘නබන්නා අභිජාන්’ නමින් අද විරෝධතා රැළියක් ආරම්භ වුණා.

විරෝධතාවයේ නිරත දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් බෙංගාල මහ ලේකම් කාර්යාලයෙන් පිටත බාධක බිඳ දැමීමට උත්සාහ කිරීමේ දී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා.

ඒ, සමඟ එම විරෝධතා ප්‍රචණ්ඩත්වයකට හැරුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?