AFC Banner
Empty Ad
Empty Ad

සේවක අයිතීන් වෙනුවෙන් ඔස්ට්‍රෙලියාවේ අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි “right to disconnect” “විසන්ධි කිරීමේ අයිතිය” යන නීතිය හඳුන්වා දී තිබෙනවා.

එම නව නීතිය තුළින් සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට ඉඩ ප්‍රස්ථාව හිමිව තිබෙනවා.

ඒ සඳහා ආයතන ප්‍රධානීන්ට කිසිදු දඬුවමක් කළ නොහැකි බව ද අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

ඔස්ට්‍රේලියානු රජය සඳහන් කර ඇත්තේ, සේවකයින්ට සිය පෞද්ගලික ජීවිතයට රැකියාවෙන් සිදුවන හානිය වළක්වාගැනීම සඳහා මෙම නීතිය හඳුන්වා දුන් බවයි.

මෙම නව නීතිය කඩවීමක් සිදු වුවහොත් ඒ සඳහා වරදකරු වන ආයතන ප්‍රධානියෙකුට හෝ සමාගමකට ඔස්ට්‍රේලියානු ඩොලර් 93,900ක් දක්වා දඩයකට යටත්වීමට සිදුවන බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඔස්ට්‍රේලියාවට අමතරව මීට පෙර සිටම තවත් යුරෝපයේ රටවල් 20ක පමණ මෙම නීතිය අනුගමනය කරන බව ද වාර්තා වනවා.

COVID-19 වසංගතයෙන් පසු ඩිජිටල් සන්නිවේදනය සහ දුරස්ථව වැඩකිරීම වර්ධනය වීම මධ්‍යයේ මිනිසුන්ගේ වෘත්තීය සහ පුද්ගලික ජීවිත අතර සීමාවන් බිඳ දමා ඇති බව ඔස්ට්‍රේලියානු රජය පෙන්වා දී තිබෙනවා.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, ඔස්ට්‍රේලියානුවන් වාර්ෂිකව සාමාන්‍යයෙන් පැය 281ක් පමණ අමතර කාලයක් කිසිදු ගෙවීමකින් තොරව රාජකාරි සිදුකර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?