ඉන්දීය නළු දර්ශන් රඳවා සිටින හිරගෙදර හතකගේ වැඩ තහනම්

ඝාතන සිද්ධියක චූදිතයෙකු වී මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඉන්දීය නළු දර්ශන් තුගුදීප රඳවා සිටින බන්ධනාගාරයේ නිලධාරීන් හත් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

දර්ශන් තුගුදීප බන්ධනාගාරය තුළ එළිමහනේ දුම්වැටියක් උරමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ප්‍රසිද්ධ වීමත් සමඟ අදාළ නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කර්නාටක රජය විසින් බෙංගාලෝර්හි මධ්‍යම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකුගේ මෙලෙස වැඩ තහනම් කර තිබෙනවා.

මෙය බන්ධනාගාරයේ සිදු වූ අතපසු වීමක් වන බවත්, එය නැවත සිදු නොවීමට කටයුතු කරන බවයි කර්නාටක ස්වදේශ කටයුතු අමාත්‍ය ජී පරමේෂ්වර මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

බන්ධනාගාර ජේලර්වරයෙකු අදාළ ඡායාරූපය තම බිරිඳ සමඟ බෙදාගැනීමට කටයුතු කර ඇති අතර, අදාළ බිරිඳ එම ඡායාරූපය සමාජ මාධ්‍යවල පළකර තිබෙනවා.

ඉන් අනතුරුවයි නළු දර්ශන් තුගුදීපගේ එම ඡායාරූපය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය වී ඇත්තේ.

සිය රසිකයා වූ රේණුකස්වාමි ඝාතනයට සම්බන්ධ බව කියන මිනීමැරුම් චූදිතයෙකුට ප්‍රභූ ලෙස සැලකීම සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් දැඩි විවේචනයට එල්ල වනට පටන්ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05