AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල්ගෙන් අනුර සහ සජිත්ට ප්‍රසිද්ධ අභියෝගයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස
සහ අනුර කුමාර දිසානායකට අභියෝග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමඟින් සමස්ත ජාතියටම ඔවුන්ගේ ප්‍රසිද්ධ පොරොන්දු සහ ප්‍රකාශවල සත්‍යතාව තක්සේරු කිරීමට ඉඩ සැලසෙන බවයි ඔහු පවසන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ වුවහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන බවත් බඩු මිල අඩුකරන බවට සහ බදු අඩුකරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් මඟින් ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක රටට කිරීමට යන විනාශය වහා නතර කළ යුතු බවත් අවධාරණය කළා.

බඩු මිල අඩු කිරීමට සහ බදු අඩු කිරීමට තමා ද කැමති නමුත් ඒ සඳහා හැකියාව ඇත්තේ රුපියල ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවලට අනුව කටයුතු කිරීමෙන් පමණක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මීට අමතරව වෙනත් විකල්පයක් ඇත්නම් එය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී ඉදිරිපත්කර මතය විමසන ලෙස ද සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරයා අභියෝග කර සිටියා.

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (25) පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
11
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?