රියදුරාට හෘදයාබාධයක් වැළඳී ලංගම බසයක් අනතුරට ලක්වෙයි – රියදුරා ජීවිතක්ෂයට (වීඩියෝ)

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඊයේ රාත්‍රියේ ඉගිනියාගල, දේවාලහිඳ, පහේ කණුව ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

බස් රථයේ රියදුරුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරු රියදුරු අසුනේම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බස් රථ අනතුරින් එහි ගමන් ගත් මගියෙක් සුළු තුවාල ලබා තිබෙනවා.

බස් රථය අම්පාර සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවේ දී එහි රියදුරු ඉඟිණියාගල ප්‍රදේශයේ දී වෛද්‍යවරයෙකු හමු වී රෝගයකට ප්‍රතිකාර ලබාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ බස් රථය ධාවන කිරීමෙන් වළකින ලෙසයි.

කෙසේ වෙතත් බස් රථ රියදුරා වෛද්‍ය උපදෙස් නොතකා රථය කොළඹ බලා ධාවන කිරීම අරඹා ඇති අතර, ඒ අතර තුරයි මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49 හැවිරිදි දෙදෙරු පියෙක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43