එම්පොක්ස් නව ප්‍රභේදය වැළඳුණු පළමු ආසියාවේ ආසාදිතයා හමුවෙයි

ආසියාවේ පළමු සහ අප්‍රිකාවෙන් පිටත දෙවැන්න ලෙස Mpox හි නව ප්‍රභේදය වැළඳුණු රෝගියෙක් තායිලන්තයෙන් වාර්තා වනවා.

මෙම පුද්ගලයා 66 හැවිරිදි වියෙහි පසුවන්නෙක් බවයි හෙළි ව ඇත්තේ.

තායිලන්ත සෞඛ්‍ය් අංශ පවසන්නේ මෙම පුද්ගලයා අප්‍රිකානු රටක සිට තායිලන්තයට පැමිණ ඇති බවයි.

තායිලන්තයේ රෝග පාලන දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි ආසාදිතයාව රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් වහාම ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර, ඔහුට වැළඳී ඇත්තේ Mpox හි Clad 1b ලෙස හඳුනාගෙන තිබෙනවා.

පසුගිය වසරේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කේන්ද්‍රගතව ආරම්භ වූ Mpox හෙවත් වඳුරු උණ වසංගත තත්ත්වය පුද්ගලයින් 450 දෙනෙකුට දිවි අහිමි කරනු ලැබුවා.

එතැන් සිට එය බුරුන්ඩි, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව ඇතුළු ආසන්න රටවල් ගණනාවකට ව්‍යාප්ත වූ අතර මේ වන විට එහි Clad 1b නමින් හැඳින්වෙන වඩාත් ප්‍රබල ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත පළමු Clad 1b ආසාදිතයා පිළිබඳව මීට සතියකට පෙර වාර්තා වූයේ ස්වීඩනයෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46