එළඹෙන ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය බංග්ලාදේශයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ, අනුව මෙවර තරගාවලිය පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තෝරා ගත් බවයි ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.
මෙම තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා හිදී ස්ථාන දෙක හරහා ඔක්තෝබර් 03 වනදා සිට 20 දක්වා පැවැත් වෙනවා.
බංග්ලාදේශය තුළ මේ වනවිට පවතින අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය එරට තුළ නොපැවැත්වීමටයි මෙලෙස තිරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශය විසින් දරණ බවයි වාර්තා වන්නේ.













