AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණයක් කැඳවන්න – එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා බංග්ලාදේශයෙන් ඉල්ලයි

බංග්ලාදේශයේ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, අන්තර්වාර රජයෙන් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මැතිවරණ ක්‍රියාවලියට කාන්තාවන් මෙන්ම සුළුතර ප්‍රජාවන් ද ඇතුළත් කරන ලෙසයි.‍

“අන්තර්කාලීන රජයේ සහාය ඇතිව බංග්ලාදේශයේ සන්සුන්ව හා පාර්ලිමේන්තු මැතිවරණයක් සංවිධානය කිරීමට දරන උත්සාහයන් මහලේකම්වරයා සාදරයෙන් පිළිගනී” යනුවෙන් මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වුණා.

“රට පුරා සිටින කාන්තාවන්, තරුණයින් සහ ජනතාවගේ මෙන්ම සුළුතර සහ ආදිවාසී ප්‍රජාවන්ගේ හඬ ද සැලකිල්ලට ගැනීම ඇතුළුව සියලු දෙනා ඇතුළත් කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා ලෙස ඔහු අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටී.,” අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පසුගිය අගෝස්තු 5 වැනි දා, විරෝධතා මධ්‍යයේ ෂෙයික් හසීනා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, බංග්ලාදේශය අස්ථාවර දේශපාලන තත්වයක් අත්විඳිමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30

?