AFC Banner
Empty Ad
Empty Ad

බලුච් ජනතාව පාකිස්තාන ජාතික දිනය කළු දිනයක් බවට ප්‍රකාශ කරයි

බලුච් ජාතික ව්‍යාපාරය විසින් පකිස්ථානය පිහිටුවීමේ දිනය ලෙස සැලකෙන අගෝස්තු 14 වැනිදා පාකිස්තානය තුළ පීඩිත ජාතීන් සඳහා අඳුරු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

වසර 77කට පෙර, යටත්විජිත බලවතුන් විසින් තම වාසිය සඳහා ව්‍යාජ ලෙස සකස් කරන ලද රාජ්‍යය, ගෝලීය සාමයට, ආරක්ෂාවට සහ මනුෂ්‍යත්වයට විශාල තර්ජනයක් බවට පරිණාමය වී ඇති බව බලුච් ව්‍යාපාරයේ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.

පාකිස්තානයේ පරිපාලනය යටතේ බලුච්, පෂ්තුන්, සින්දි, කාශ්මීර සහ ගිල්ගිට්-බල්ටිස්තානයේ ජනතාවට ප්‍රීතියක් නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සන්තෝෂය වෙන් කර ඇත්තේ පන්ජාබ් සඳහා වන අතර එය අනෙකුත් ජාතීන්ට ඔවුන්ගේ නිදහස අහිමි කර ඇතැයි අදාළ ප්‍රකාශයේ සඳහන්.

අනෙක් කලාප මෙම ඊනියා “නිදහස සැමරීම” ගැන නොසැලකිලිමත් වන්නේ පකිස්ථානයේ ඔවුන් ජීවත් වන්නේ නිදහසේ නොව යටත් කරගෙන බැවින් යැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?