AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සටනට අපේක්ෂකයින් 40ක් ඇප තැන්පත් කරයි

එලැඹෙන ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා.

පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 22ක්, වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයෙක් සහ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් 17 දෙනෙකු මෙලෙස ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජූලි මස 26 වැනිදා ආරම්භ වූ අතර එම කාලය අද (14) මධ්‍යාහ්න 12ට අවසන් වුණා.

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කිරීමට නියමිතයි.

මේ හේතුවෙන් හෙට රාජගිරිය මැතිවරණ කොමිසම අවස විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?