AFC Banner
Empty Ad
Empty Ad

ඔලිම්පික් ගිය ශ්‍රී ලාංකිකයෝ දිවයිනට

ප්‍රංශයේ පැරිස් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උලෙළ නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම දිවයිනට පැමිණියා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට ධජ රැගෙන එහි පෙළපාලියේ ගමන් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ කටුනායක ගුවන්තොටුපොළට අලුයම 03.30 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-658 දරන ගුවන් යානයෙන් පැමිණි බවයි.

ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා අංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?