AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සටනට අපේක්ෂකයින් 24ක් ඇප තැන්පත් කරයි (නිවේදනය)

මේ වන විට (09) ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඊයේ (08) දිනයේ දී ද තවත් අපේක්ෂකයින් දෙදෙනකු ඇප මුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

එලෙස ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් වන්නේ; අනුර සිඩ්නි ජයරත්න මහතා සහ ධනංජය බණ්ඩාර දීගල්ල යන අයයි.

ඔවුන් දෙදෙනා ම ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කළ අපේක්ෂකයින් වීම විශේෂත්වයක්.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ; මෙවර ජනාධිපති අපේක්ෂකයින් ලෙස පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 11 දෙනෙකු ද, ස්වාධීන අපේක්ෂකයින් ලෙස 12 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එක් අපේක්ෂකයෙකු ද තරග කිරීමට ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?