ඉන්දීය ජනපති පැසිෆික් සංචාරය අරඹයි

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉන්දියාවේ ‘Act East’ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම අමුණු කර ගනිමින් ෆීජි, නවසීලන්තය සහ ටිමෝර්-ලෙස්තේ වෙත තෙදින සංචාරයක් ආරම්භ කළා.

සංචාරයේ පළමු අදියරේදී ජනාධිපතිවරිය ෆීජි රාජ්‍යයේ රාජ්‍ය සංචාරයක නිරත වන අතර ඉන් අනතුරුව නවසීලන්තයේ සහ ටිමෝර්-ලෙස්තේ හි සංචාරයක නිරත වනු ඇති.

මෙම සංචාරය ඉන්දියාව සහ එම රටවල් අතර අතර ඓතිහාසික සබඳතාවලට තවදුරටත් ශක්තියක් වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් X සටහනක් තබමින් ප්‍රකාශ කළා.

මෙම සංචාරය ඉන්දියාව සහ පැසිෆික් රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන අතර නැගෙනහිර සමග කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය කෙරෙහි ඉන්දියාවේ අවධානය පිළිබිඹු කරන්නක්.

ෆීජි ජනාධිපති Ratu Wiliame Maivalili Katonivere ගේ ආරාධනයකට අනුව ජනාධිපති මුර්මු ඊයේ දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ෆීජි වෙත පැමිණියා.

ඉන්දීය රාජ්‍ය නායකයෙකු ෆීජි වෙත පැමිණෙන පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

ඇය ජනාධිපති Katonivere සහ අගමැති Sitiveni Rabuka සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ෆීජි පාර්ලිමේන්තුව ඇමතීමට මෙන්ම එරට සිටින ඉන්දියානු ඩයස්පෝරාව ද හමුවනු ඇති.

සංචාරයේ දෙවැනි ගමනාන්තය ලෙස ජනපති මුර්මු හෙට නවසීලන්තය ළඟා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24