ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් තවත් අයෙක් අල්ලයි

පසුගිය ජුලි මස 08 වැනි දා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ හලක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ ක්ලබ් වසන්තගේ ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත් ව තිබෙනවා.

මෙම සැකකරුව ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ දීයි.

36 හැවිරිදි සැකකරු දර්ගා නගරයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු අපරාධයට පෙර වෙඩික්කරුවන් ඇතුළු පිරිසට කුලී නිවසක් ලබා ගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කර දී ඇති බවටත් සිදු කළ මූලික පොලිස් විමර්ශනවලින් හෙළි ව තිබෙනවා.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි ව ඇත්තේ වෙඩික්කරුවන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පලා යාමට භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ දින පොලිස් භාරයට ගැනුණු බවයි.

මේ වනවිට අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් වාර්තා වනවා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර; ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් සැකකරු හැර ටැටූ දුලාන් ඇතුළු සැකකරුවන් 10 දෙනා එළඹෙන 20 තෙක් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේයි.

මෙම වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත සහ නයන වාසුල නමැත්තෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයින් සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

සිදු කළ විමර්ශනවලින් හෙළි ව ඇත්තේ ප්‍රංශයේ සැඟව සිටින බවට සැක කෙරෙන පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් සහ ඩුබායි හි සැඟව සිටින ලොකු පැටීගේ මෙහෙයවීමෙන් මෙම ඝාතන සිදු ව ඇති බවටයි.

කෙසේවෙතත් පසුගිය සතියේ මෙරට ජාතික පුවත්පත් කිහිපයක් වාර්තා කළ පරිදි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලා යාමට උත්සාහ කිරීමේ දී සහ ලොකු පැටී ව ඩුබායි හි දී එරට පොලිස් අත්අඩංගුවට පත් ව ඇති බවට තොරතුරු වාර්තා වුණා.

නමුත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් මෙරට පොලිසියෙන් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?