ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් තවත් අයෙක් අල්ලයි

පසුගිය ජුලි මස 08 වැනි දා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ හලක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ ක්ලබ් වසන්තගේ ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත් ව තිබෙනවා.

මෙම සැකකරුව ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ දීයි.

36 හැවිරිදි සැකකරු දර්ගා නගරයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු අපරාධයට පෙර වෙඩික්කරුවන් ඇතුළු පිරිසට කුලී නිවසක් ලබා ගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කර දී ඇති බවටත් සිදු කළ මූලික පොලිස් විමර්ශනවලින් හෙළි ව තිබෙනවා.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි ව ඇත්තේ වෙඩික්කරුවන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පලා යාමට භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ දින පොලිස් භාරයට ගැනුණු බවයි.

මේ වනවිට අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් වාර්තා වනවා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර; ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් සැකකරු හැර ටැටූ දුලාන් ඇතුළු සැකකරුවන් 10 දෙනා එළඹෙන 20 තෙක් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේයි.

මෙම වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත සහ නයන වාසුල නමැත්තෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයින් සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

සිදු කළ විමර්ශනවලින් හෙළි ව ඇත්තේ ප්‍රංශයේ සැඟව සිටින බවට සැක කෙරෙන පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් සහ ඩුබායි හි සැඟව සිටින ලොකු පැටීගේ මෙහෙයවීමෙන් මෙම ඝාතන සිදු ව ඇති බවටයි.

කෙසේවෙතත් පසුගිය සතියේ මෙරට ජාතික පුවත්පත් කිහිපයක් වාර්තා කළ පරිදි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලා යාමට උත්සාහ කිරීමේ දී සහ ලොකු පැටී ව ඩුබායි හි දී එරට පොලිස් අත්අඩංගුවට පත් ව ඇති බවට තොරතුරු වාර්තා වුණා.

නමුත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් මෙරට පොලිසියෙන් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18