බංග්ලාදේශ විපක්ෂ ක්‍රියාකාරීන්ට නිදහස – පාර්ලිමේන්තුවත් විසුරුවා හරී

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා රටින් පලායාමෙන් පසු, එරට හමුදාව අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ජාතිය අමතමින් හමුදා ප්‍රධානී ජෙනරාල් වකාර්-උස්-සමාන් නිවේදනය කළේ අන්තර්වාර රජයක් මඟින් බංග්ලාදේශය පාලනය කරන බවත් විරෝධතාකරුවන්ට සන්සුන් වන ලෙසයි.

මේ අතර බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව එරට ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් තුළ නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් ප්‍රධාන උපදේශක ලෙස නව රජයක් පිහිටුවීමට බංග්ලාදේශ ශිෂ්‍ය විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් රටතුළ පවතින වර්තවරණයක බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිරදඬුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලුම දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් කටයුතු කර තිබෙනවා.

එරට හමුදාපති ජෙනරාල් වකාර්-උස්-සමාන්, නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සමඟ එක් වී සිදුකළ සාකච්ඡාවකින් පසු බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙම නියෝගය අකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම හමුවට බංග්ලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයන් සහ තවත් විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ජමාත් ඊ ඉස්ලාමී පක්ෂයේ සාමාජිකයන් ද එක්ව ඇති බව සඳහන්.

මේ අතර එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී, බංග්ලාදේශ තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කර ඇති අතර, මෙම ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු ඔහු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශයේ මෑත කාලීන සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රධානත්වයෙන් පූර්ණ හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඔහු ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10