හැකි වහාම ලෙබනනයෙන් ඉවත් වන්න – විදේශිකයින්ට දැනුම්දීමක්

මේ වනවිට කලාපීය ගැටුම් උත්සන්න වී ඇති බැවින් හැකි ඉක්මනින් ඉවත් ව යන ලෙස ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව විසින් ලෙබනනයේ වෙසෙන සිය වැසියන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

CNN පුවත් සේවය වාර්තා කරන පරිදි ඉදිරියේ දී මැදපෙරදිග යුද ගැටුමක් ඇති වීමේ ප්‍රවණතාවක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බැවින් බවයි වාර්තා වන්නේ.

මැද පෙරදිග කලාපයේ ඇවිළෙමින් පවතින ගාසා තීරයේ ඊශ්‍රායල – පලස්තීන ගැටුම් මධ්‍යයේ බ්‍රිතාන්‍යය ප්‍රකාශ කර සිටියෙ එම කලාපයට අවශ්‍ය අමතර යුද නැව් යැවීමට සිය රාජ්‍යය කටයුතු කරන බවයි.

මෙම තත්ත්වය හමුවේ ඉදිරියේ දී පලස්තීනයෙන් දැඩි ප්‍රතිචාර හිමි වනු ඇතැයි අපේක්ෂා කරන බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමි විසින් ලෙබනනයේ රැඳී සිටින සිය පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ මෙම වේලාවේ ලෙබනනයේ වොෂින්ටන් තානාපති කාර්යාලය විසින් ලබාදෙනු ලබන ඕනෑම වර්ගයේ ප්‍රවේශ පත්‍රයක් ලබාගනිමින් වහාම එරටින් පිටව යන ලෙසයි.

මෙම සතිය මුල දී ටෙහෙරාන් අගනුවර දී හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉරානය ඊශ්‍රායලයෙන් පළිගන්නා බවට ප්‍රතිඥා දීමෙන් පසු මැද පෙරදිග කලාපය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටීම මීට ප්‍රධානතම හේතුවයි.

Haniyeh ගේ මරණය සිදු වූයේ ලෙබනන් අගනුවර වන Beirut වෙත ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලාගේ ජ්‍යෙෂ්ඨතම හමුදාපති ෆුආඩ් ෂුක්ර් ඝාතනය කිරීමෙන් පැය කිහිපයකට පසුව වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18