මවුලවිවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු වෙපන් එක්ක මාට්ටුයි

මවුලවිවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු T56 ගිනි අවි දෙකක්, පතොරම් 60ක්, මැගසීන් 02ක්, දුර දක්නයක් සමග පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මොවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව – වාලච්චේන – මාන්චෝල් ප්‍රදේශයේ දී බවයි.

ඊයේ (30) රාත්‍රියේ දී මෙම සැකකරුවන් පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලිස් විශේෂ කාර්‍යය බලකාය සඳහන් කළා.

අත් අඩංගුවට ගත් මවුලවිවරයා 43 හැවිරිදි අයෙක් බවත්; ඔහු ඕටමාවඩි – මාංචෝලේ ප්‍රදේශයේ ජීවත් වෙමින් සිට මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත ව සිටි අයෙක් බවටත් සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ගිනි අවිය සහ පතොරම් මීට පෙර ගෙවත්තේ වළක් හාරා එහි පොහොර උරයක දමා සඟවා තබා සිට ඊයේ රාත්‍රියේ දී එය ප්‍රවාහනය කරමින් සිටියදියි අත් අඩංගුවට ගැනුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අද (31) කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21