පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල් ? (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කිරීමේ තීරණයක් ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අද (31) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි පක්ෂ සංවිධායක නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කළේ.

මන්ත්‍රීවරයා සඳහන් කළේ; මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම පොහොට්ටුවේ අපේක්ෂකත්වයට යෝජනා කිරීමට නියමිත බවයි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය රනිල් වික්‍රමසිංහ හට ලබාදීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග තීරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන පරිදි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙරට පරමාදර්ශී දේශපාලන චරිතය මහින්ද රාජපක්ෂ වුව ද, මෙවර පවතින තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහ හට සහාය ලබාදිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
64
+1
8
+1
1
+1
4
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01