පොහොට්ටුවේ බහුතරයක් රනිල් එක්ක දැනුත් විශේෂ සාකච්ඡාවක (වීඩියෝ)

ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වි සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමේ තීරණය දැනුම්දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක නිරතව සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණය පසුගිය සමයේ ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක වූ ජන අරගලයට පහරදීමට ගත් තීරණය හා සමාන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.

එළඹෙන ජනාධිපතිවරණය සදහා නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ ද නැත්නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන්නේ ද යන්න සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ (29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී රැස්වුණා.

එහිදී පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සදහා ඉදිරිපත් වූ යෝජනාව සම්මත වූ අතර එම තීරණයට එරෙහිව ක්‍රියා කරන සාමාජිකයන්ට එරෙහි ව විනය තීරණ ගැනීමේ යෝජනාවක් ද සම්මත කර ගනු ලැබුවා.

නමුත් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරු පිරිසක් ඊයේ රාත්‍රියේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණේ කොළඹ එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු 75 දෙනෙකුට ආසන්න පිරිසක් එම සාකච්ඡාවට සහභාගී වී සිටි අතර ඔවුන් කියා සිටියේ එළැඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලය එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන එස්.එම් චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර නිවසේ දී රැස් වුණා.

එහිදී එළැඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බවට වන යෝජනාවට බහුතර පිරිසක් එකඟතාව පළ කළ අතර පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අනුමැතිය පළ කළේ දෙදෙනෙකු පමණයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුවන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ශෙහාන් සේමසිංහ අද (30) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා.

මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු පිරිසක් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා.

අදාළ සාකච්ඡාව මේ වන විටත් පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12