ආසියානු ශූරියන්ට ඩොලර් ලක්ෂ 05ක්

ආසියානු ශූරතාවය හිමිකර ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05ක ත්‍යාග මුදලක් පිරිනමා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ඊයේ දිනයේ දී මෙම ත්‍යාග මුදල ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සඳහන් කළේ ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබාදෙන බවයි.

එම තීරණය වෙනස් කරමින් ත්‍යාග මුදල ඩොලර් ලක්ෂ 05ක් දක්වා ඉහළ දැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස කටයුතු කර තිබුණේ.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 2024 ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට පසුගිය ඉරිදා හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42