AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු ශූරියන්ට ඩොලර් ලක්ෂ 05ක්

ආසියානු ශූරතාවය හිමිකර ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05ක ත්‍යාග මුදලක් පිරිනමා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ඊයේ දිනයේ දී මෙම ත්‍යාග මුදල ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සඳහන් කළේ ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබාදෙන බවයි.

එම තීරණය වෙනස් කරමින් ත්‍යාග මුදල ඩොලර් ලක්ෂ 05ක් දක්වා ඉහළ දැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස කටයුතු කර තිබුණේ.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 2024 ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට පසුගිය ඉරිදා හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
26
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?