පොහොට්ටුවෙන් ජනපතිවරණයට වෙන ම අපේක්ෂකයෙක් (වීඩියෝ හා ඡායාරූප)

එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයා වෙන ම අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය මීට ටික වේලාවකට පෙර (29) පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ බවයි පක්ෂ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කර සිටියේ.

විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පොහොට්ටුවෙන් එලෙස ඉදිරිපත් කරන වෙනම අපේක්ෂකයා කවුරුන් දැයි තීරණය කළා දැයි යන්නයි.

නමුත් ඊට පිළිතුරු ලබාදෙමින් මහලේකම්වරයා සඳහන් කළේ; එම පුද්ගලයා කවුරුන් දැයි අද දිනයේ දී තීරණය නොකළ බවත්, පොහොට්ටුවට ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඒකමතික ව තීරණය කෙරුණු බවයි.

අද පස්වරුවේ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසට පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල සභිකයින් රැස් වුණා.

ඒ එළඹෙන ජනාධිපතිවරණයට තරග කරන සිය අපේක්ෂකයා සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ගැනීමටයි.

මෙම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු ජ්‍යේෂ්ඨ පක්ෂ සාමාජිකයින් රැසක් ද එක් ව සිටියා.

මෙම තීන්දුවත් සමග එළඹෙන ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ සහාය කිසිදු ලෙසකින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ හට හිමි නොවනු ඇති.

WhatsApp Image 2024 07 29 at 20.52.04 1
WhatsApp Image 2024 07 29 at 20.52.04
WhatsApp Image 2024 07 29 at 20.52.05
WhatsApp Image 2024 07 29 at 20.52.06 1
WhatsApp Image 2024 07 29 at 20.52.07


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30