සමාව ඉල්ලූ පැරිස් ඔලිම්පික් සංවිධායකයින්

විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දෙවන දිනය ඊයේ සාර්ථක ලෙස නිමාවට පත් වුණා.

ක්‍රීඩා උළෙලේ දෙවන දිනය නිමාවට පත්වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත් වුණේ රන් පදක්කම් 04ක් සමඟ සමස්ත පදක්කම් 07ක් දිනාගනිමින්.

පදක්කම් සටහනේ දෙවැනි තැන මේ වනවිට ඕස්ටේර්ලියානු කණ්ඩායම පසුවන්නේ රන් 04ක් සහ රිදී 02ක් ලෙස පදක්කම් 06ක් තම පදක්කම් ගොන්නට එක්කර ගනිමින්.

මේ අතර පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විසින් සමාව ඉල්ලා විශේෂ ප්‍රකාශයක් මේ වනවිට නිකුත්කර තිබෙනවා.

ඒ, පිරිමි පැසිපන්දු තරගාවලියේ දකුණු සුඩානය සහභාගී වූ තරගය ආරම්භයට පෙර, දකුණු සුඩාන ජාතික ගීය වෙනුවට සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්.

මෙලෙස වැරදි ජාතික ගීය ප්‍රචාරයවීමත් සමඟ තරග නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ඊට විරෝධය පා ඝෝෂාකාරී ලෙස හැසිරුණා.

වහාම සිදු වූ වරද නිවැරදි කරගත් සංවිධායකයින් පසුව දකුණු සුඩාන ජාතික ගීය වාදනය කිරීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19