AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිවරණයේ දී පොහොට්ටුවේ සහාය කාටද – අවසන් තීරණය හෙට (වීඩියෝ)

ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන්, අවසන් තීරණය හෙට (29) පැවැත්වෙන පක්ෂ විධායක සභා රැස්වීමේ දී ගන්නා බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

පක්ෂ කාර්යාලයේ ඊයේ (27) පැවති සාකච්ඡාවකින් පසු, මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට පක්ෂය තීන්දු කළහොත් ඒ අනුව කටයුතු කිරීමට සූදානම් බවයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීම හැර විකල්පයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයන් පිරිසක් නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ දී ඊයේ (27) රාත්‍රියේ රැස් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?