AFC Banner
Empty Ad
Empty Ad

කෝලිගේ ලෝක වාර්තාව SKY සමකරයි

ශ්‍රී ලංකාව සමඟ ඊයේ (27) පැවති පළමු 20-20 තරගයෙන් සුපිරි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

එක් අවස්ථාවක කඩුලු 02ක් දැවී ලකුණු 149ක් ලබාගෙන ජයග්‍රාහී මාවතේ සිටි ශ්‍රී ලංකාව, මැදපෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ලකුණු 21කට ඉතිරි කඩුලු 08 බිඳවැටී තරගය ලකුණු 43කින් පරාජයවීමට සිදුවුණා.

මේ අතර මෙම තරගයේ වීරයා සම්මානය හිමිකර ගන්නට ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව්ට හැකියාව ලැබුනේ ඔහු රැස්කළ වේගවත් ලකුණු 58 හේතුවෙන්.

සූර්යකුමාර් මෙලෙස තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමත් සමඟ සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි ජගත් විස්සයි විස්ස පිටියේ තබා තිබූ ලෝක වාර්තාව සම කරන්නට ද ඔහුට හැකියාව ලැබුණා.

ඒ, ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල දී වැඩිම අවස්ථාවක තරගයේ වීරයා බවට පත් වෙමින්.

සූර්යකුමාර් මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 69කට ක්‍රීඩා කරමින් අවස්ථා 16කදී තරගයේ වීරයා බවට පත්ව ඇති අතර, විරාට් කෝලි විස්සයි විස්ස තරග 125කට ක්‍රීඩා කරමින් ඉන් තරග 16කදී තරගයේ වීරයා බවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් සූර්යකුමාර් යාදෙව්, මේ වනවිට 20-20 පිටියෙන් විශ්‍රාම ගෙන සිටින කෝලිට වඩා අඩු තරග සංඛාවකින් මෙම දක්ෂතාව දක්වා තිබීම විශේෂත්වයක්.

සූර්යකුමාර් යාදව් (ඉන්දියාව) – 16 (තරග 69 කදී)
විරාත් කෝලි (ඉන්දියාව) – 16 (තරග 125 කදී)
සිකන්දර් රාසා (සිම්බාබ්වේ) – 15 (තරග 91 කදී)
මොහොමඩ් නබි (ඇෆ්ගනිස්ථානය) – 14 (තරග 129 කදී)
රෝහිත් ෂර්මා (ඉන්දියාව) – 14 (තරග 159 කදී)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
3
+1
11
+1
1
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?