අධිකරණ ඇමති විජයදාසට ඇතුළු පිරිසකට නොතීසි

ඉදිරි මැතිවරණවල දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම පහසුකම් සලසමින් මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි යැවීමටශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියෝග කළා.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පෙත්සම ගොනු කර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් වෙත අගෝස්තු මස 08 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කෙරුණා.

පෙත්සම්කරු සිය පෙත්සම මඟින් පවසනුයේ, එක්සත් ජාතීන්ගේ මානව ප්‍රඥප්තියේ පැහැදිලිව සියලු සිරකරුවන් මනුස්සයන් වශයෙන් සලකන බවත් ඔවුන්ට හිමිවිය යුතු වරප්‍රසාද ලබා දිය යුතු බවත් දක්වා ඇති බවයි.

යම් පුද්ගලයෙකු අධිකරණයෙන් වරදකරුවෙකු  කරන තුරු ඔහු නිර්දෝෂි පුද්ගලයෙකු වශයෙන් සලකන බව ද ඒ අනුව ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සියලු මූලික අයිතිවාසිකම්වලට හිමිකම් ලැබෙන බව ද පෙත්සමේ සඳහන්.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාව අනුව ඡන්දය භාවිතයට සුදුසු හා නුසුදුසු සිරකරුවන් වර්ගීකරණය කරමින් සිරකරුන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ වරප්‍රසාදය ලබා දී ඇති බවයි.

නමුත් මේ වනතුරු මැතිවරණයකදී සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කර නොමැති බව පෙත්සම මඟින් පෙත්සම්කරු අවධාරණය කරනවා.

එබැවින් සුදුසුකම් ලත් සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට නියෝග කරමින් මැතිවරණ කොමිසමට රිට්ආඥාවන් නිකුත් කරන ලෙස පෙත්සමකරු සිය පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29