චමරිගෙන් 100ක් – ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට අසීරු ඉලක්කයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මැලේසියාවට එරෙහි ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ ඇයගේ තෙවැනි T20 ශතකයයි.

පන්දු 63ක දී ලකුණු 101ක් චමරිගේ සුපිරිම ඉනිම ඉදිරියෙන් ලියැවුණා.

නායිකා චමරි අතපත්තු පන්දුවාර 20 අවසානයේ දී නොදැවී පන්දු 65ක දී ලකුණු 119ක් ලබා සිටියා.

ඊට දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් වුණා.

මෙම ශතකයත් සමග ආසියානු කුසලානයක ශතකයක් රැස් කළ පළමු වැනි ක්‍රීඩිකාව බවට ද චමරි අතපත්තු අද දිනයේ දී ඉතිහාසගත වුණා.

චමරිගේ සුපිරි ඉනිමට අනගි සහායක් දක්වමින් අනුෂ්කා සංජීවනී ලකුණු 31ක් ලබා ගත්තා.

චමරි හා අනුෂ්කා අතර පන්දු 65ක දී දැවැන්ත ලකුණු 115ක සබඳතාවක් ද ගොඩනැගුණා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 26යි.

පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මැලේසියාව වෙනුවෙන් Winifred Duraisingam කඩුලු 02ක් සහ Suabika Manivannan හා Mahirah Izzati Ismail එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට මැලේසියානු කාන්තා කණ්ඩායම පන්දු 120ක් තුළ ලකුණු 185ක් ලබා ගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03