මැලේසියාවට එරෙහිව ශ්‍රී ලංකා කතුන් පළමු ව පිත්ත අතට ගනියි

ආසියානු කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අද (22) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තීරණය කළා.

ඒ සිය ප්‍රතිවාදී මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළ අතර; තරගය රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මේ වනවිට පැවති මුල් ම තරගය ජයග්‍රහණය කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ද දෙවැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාව සිය පළමු තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කළා.

මැලේසියානු කාන්තා කණ්ඩායම සිය පළමු තරගය ද පරාජයට පත් වූ අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ රැඳී සිටින්නේ අවසන් ස්ථානයේ යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29