භානුකගේ සුපිරි ඉනිමෙන් මාවල්ස් ඉනිම ගොඩයයි

2024 එල්.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට ගෝල් මාවල්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ ආරාධනයෙන් ලකුණු රැස් කිරීමට ආරම්භ කළ මාවල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී 184ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ආරම්භයේ ලකුණුවලින් දී එතරම් සරුසාර නොවුණු මාවල්ස් ඉනිමට ජීවයක් එක්කරන්නට සිව්වන
කඩුල්ල එක් වූ භානුක රාජපක්ෂ සහ ටිම් සයිෆර්ට් හට හැකියාව ලැබුණා.

එහිදී ගෝල් මාවල්ස් ඉනිම වෙනුවෙන් ටිම් සයිෆර්ට් ලකුණු 47ක් රැස් කළ අතර, භානුක රැස්කළ ලකුණු සංඛ්‍යාව 82ක්.

භානුක අද රැස්කලේ සිය දෙවන එල්.පී.එල් අර්ධ ශතකය වීම විශේෂත්වයක්.

ඔහුගේ මෙම ඉනිමට හයේ පහර 06ක් සහ හතරේ පහර 08ක් ඇතුළත්.

ටිම් සයිෆර්ට්ගේ දැවීයාමෙන් පසු භානුක සමග එක් වූ නවක ක්‍රීඩක සහන් ආරච්චිගේ ලකුණු 16ක් මාවල්ස් ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී ජේසන් බ්‍රැන්ඩොල්ෆ් කඩුලු 02ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 03ක් බිද දැමුවා.

ඒ, අනුව පසවන එල්.පී.එල් ශූරතාව හිමිකර ගැනීමට නම් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 185ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41