ආණ්ඩුවට අවශ්‍ය තීන්දු නොදුන් නිසා පාකිස්තාන විනිසුරුවරුන්ට අභූත චෝදනා

පකිස්තානයේ බුද්ධි අංශ අධිකරණ කටයුතුවලට මැදිහත් වීමට එරෙහිව මෑතකදී හඬ නැගූ ඉස්ලාමාබාද් මහාධිකරණයේ විනිසුරුවරු දැන් ඔවුන්ගේ අඛණ්ඩතාව ප්‍රශ්න කරන දුරාචාර ව්‍යාපාරයක ඉලක්කය වී සිටිනවා.

මෙම වසර මුලදී, ඉස්ලාමාබාද් මහාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් හයදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයාට ලිපියක් ලියා ඇත්තේ පකිස්ථානයේ බලගතු ඔත්තු ඒජන්සිය අධිකරණ කටයුතුවලට මැදිහත් වන බවට සහ රහස් ඔත්තු බැලීම් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පවා පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම වැනි “බිය ජනක” උපක්‍රම භාවිත කරන බවට චෝදනා කරමින්.

අල් ජසීරා විසින් කරන ලද වාර්තාවකට අනුව, අදාළ ලිපියෙන් මහාධිකරණ විනිසුරුවරුන් හයදෙනා, රටේ අග්‍රවිනිශ්චයකාරවරයාගෙන් සමන්විත පාකිස්තානයේ අධිකරණ මුරකරු වන ශ්‍රේෂ්ඨ අධිකරණ කවුන්සිලයෙන් ඉල්ලා ඇත්තේ පකිස්තාන හමුදාවේ ප්‍රමුඛතම බුද්ධි අංශය වන අන්තර් සේවා බුද්ධි අංශයට (ISI) අයත් නිලධාරීන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන ලෙසයි.

එවන් පසුබිමක එම විනිසුරුවරුන් සමාජ මාධ්‍ය ඔස්සේ අපයෝජනය කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ පාකිස්තානයේ දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වන ඩෝන් වාර්තා කරනවා.

ඉන් දින කිහිපයකට පසු විනිසුරුවරුන් දෙදෙනෙකුට එරෙහිව උත්තරීතර අධිකරණ කවුන්සිලය හමුවේ ව්‍යාජ චෝදනා ඇතුළත් පැමිණිලි ගොනු කර තිබෙනවා.

දේශපාලනික වශයෙන් සංවේදී නඩු විභාග කරන විනිසුරුවරුන් දෙදෙනාට බලපෑම් කිරීමට මෙම පියවර ගෙන ඇතැයි ඩෝන් හි කතුවැකියේ සඳහන්.

මෙම කාරණය සම්බන්ධයෙන් පාකිස්තාන ආණ්ඩුව මුළුමනින්ම නිශ්ශබ්දව සිටින බව ඩෝන් වාර්තා කළ අතර, ඇතැම් කැබිනට් ඇමතිවරුන්ගේ සහ පීඑම්එල්-එන් නිලධාරීන්ගේ ප්‍රකාශ, විනිසුරුවරුන්ට එරෙහි ක්‍රියාකලාපය ආණ්ඩුව විසින් දිරිමත් කරනු ලබන බවට සැකයක් ඇති කරන බව ද ඩෝන් වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23