ඉන්දීය පිළේ සහාය පුහුණුකරුවන් ලෙස ගාම්භීර් හිතවතුන් ලංකරගනී

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙස අභිෂේක් නයාර් සහ රයන් ටෙන් ඩොස්චේට් පත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම්වන බව වාර්තා වනවා.

කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන විස්සයි විස්ස සහ එක්දින තරඟාවලිය සඳහා මොවුන් දෙදෙනා නව ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් සමඟ එක්වනු ඇති බව වාර්තාව වන්නේ.

අභිෂේක් නයාර් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ගාම්භීර් එම කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන විට නයාර් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

මේ අතර රාහුල් ඩ්‍රාවිඩ් යටතේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ටී දිලිප් නව සහාය කාර්ය මණ්ඩලයේ ද රඳවා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති අතර, බොහෝ විට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මෝර්නි මෝකල් එම තනතුර සඳහා පත්කරනු ඇති බවයි විශ්වාස කරන්නේ.

මෝර්නි මෝකල් ද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කොටසක් ලෙස ගාම්භීර් සමඟ ද කටයුතු කර ඇති අතර, ඔහු ගාම්භීර්ගේ නායකත්වය යටතේ 2014 සහ 2016 අතර IPL තරගාවලි සඳහා ක්‍රීඩා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොරට ගහපු කොල්ලා උඩින් බිමට වැටුණු හැටි
08:58
Video thumbnail
දෙන්නක් අවසන් ගමන් යවපු අනතුර - එද්දී එක්කෙනෙක් බිම අනිත් කෙනා ඇතුළේ
03:21
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
01:00
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
03:48
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34

?