මන්ත්‍රී තිස්ස අත්තනායක රිය අනතුරකට ලක් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක රිය අනතුරකට ලක් ව තිබෙනවා.

අද (18) පෙරවරුවේ මන්ත්‍රීවරයා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිට දී සිදු ව තිබෙනවා.

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් සිදු නොවූ බවට තොරතුරු වාර්තා වනවා.

දසත පුවත් අප කළ විමසීමක දී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ; තමන් සුවෙන් පසුවන බවත්; මේ වනවිට නිවසේ රැඳී සිටින බවයි.

නමුත් ජීප් රථයේ ගමන් කළ සෙසු දෙදෙනාට සුළු තුවාල සිදුවීම හේතුවෙන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

තිස්ස අත්තනායක යනු සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා යි.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14