නීතිවිරෝධී විදෙස් රැකියා ඒජන්සියක් වටලයි – සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයෙකු අද (16) පස්වරුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් වටලා, එහි හිමිකරු සමග එහි තිබූ ලේඛන විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණා.

අප වාර්තාකරු පැවසුවේ; මොහු දංකොටුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

මීගමුව, කොච්චිකඩේ නගර කේන්ද්‍ර කරගනිමින් මෙම නීතිවිරෝධී රැකියා නියෝජිත ආයතනය සැකකරු විසින් පවත්වා ගෙන යමින් සිට තිබෙනවා.

මොහු සංචාරක වීසා බලපත්‍ර යටතේ එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 350,000 ත් 550,000 ත් අතර මුදලක් ලබා ගෙන ඩුබායි වෙත පුද්ගලයන් 400 ක් පමණ මේ වනවිට විදේශගත කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

සැකකරුගේ කාර්යාලය තුළ වූ ලිපි ගොනු අතර විදේශගත වූවන්ගේ තොරතුරු ඇතුළත් ලේඛන 07ක්, රැකියා ගිවිසුම් ගොනු 134 ක්, වීසා පිටපත් ඇතුළු තවත් ලිපි ගොනු රාශියක් සොයා ගැනුණා.

සැකකරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර හෙතෙම එළඹෙන 23 තෙක් රක්ෂිත බන්ධනාගාරත කිරීමටයි නියෝග කෙරුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18