නුවරින් දඹුල්ලට දැවැන්ත ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගය අද (15) පස්වරු 03ට ආරම්භ වූ අතර දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 223ක දැවැන්ත ඉලක්කයක් හිමි වුණා.

ඒ ප්‍රතිවාදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 222ක් ලබා ගැනීමත් සමගින්.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල නායක මොහොමඩ් නබී පළමු ව පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව පිතිකරණයේ වගකීම ගත් කැන්ඩි පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ දිනේෂ් චන්දිමාල් සමගින් ඇන්ඩෘ ෆ්ලෙචර්.

චන්දිමාල් ලකුණු 12කට දැවී ගියේ දිනූෂ යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවයි.

ඉන් අනතුරුව වේගවත් ලකුණු එක් කිරීමක නිරත වූ ඇන්ඩෘ ෆ්ලෙචර් අර්ධ ශතකයක් සමගින් ලකුණු 60ක් ලබාගත්තා.

ෆ්ලෙචර් දැවී ගියේ දුෂාන් හේමන්තගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දීමෙන්.

ඉන් අනතුරුව සිය කණ්ඩායම වෙනුවෙන් තවත් අර්ධ ශතකයක් රැස් කරගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

කමිඳු පන්දු 24කදී නොදැවී ලකුණු 51ක් රැස් කළේ දැවැන්ත හයේ පහර 02 ක් සහ හතරේ පහර 05 ක් සමගින්.

කැන්ඩිවරුන්ගේ ලකුණු පුවරුව වෙනුවෙන් ඇන්ජිලෝ මැතිව්ස්ගෙන් ද නොදැවී පන්දු 22කට ලකුණු 44ක් එක් වුණේ දැවැන්ත හයේ පහර 05ක් ද සමගින්.

කඩුලු බිඳ දැමීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 14කට කඩුලු 03ක් ද සොනාල් දිනූෂ විසින් එක් කඩුල්ලක් ද බිඳ දමනු ලැබුවා.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දඹුල්ල සික්සර්වරුන් 04 වැනි ස්ථානයේ ත් කැන්ඩිවරුන් අවසන් තැනත් පසුවනවා.

අවසන් පූර්ව වටයට පිවිසීමට නම් අද තරගයේ ජයග්‍රහණය දෙපිළට ම තීරණාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41