සැක සහිත අධි සුඛෝපභෝගී වාහන පොලිස් භාරයට ගැනේ

ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ රුපියල් කෝටි 06ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් හා ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් සහ අශ්වබල -1000 යතුරු පැදියක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට ලැබුණ තොරතුරකට අනුව අස්ගිරිය ප්‍රදේශයේ තිබී අදාළ මෝටර් රථ පොලිස් භාරයට ගැනුණු බවයි.

එම ඩිෆෙන්ඩර් රථය ඇතුළු සෙසු වාහන අකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබියදියි සොයා ගැනුණේ.

මෙම වාහනවල අයිතිය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් ලියකියවිලි නොමැති වීම නිසා ඒවා පොලිස් භාරයට ගෙන සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඒවායෙහි අංක තහඩු ව්‍යාජ ඒවා බවයි.

මෙම වාහන නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ ද නැතහොත් මෙරට දී එකලස් කරන ලද මෝටර් රථ ද නොඑසේ නම්; සොරකම් කරන ලද ඒවා ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම ආයතනවල හිමිකරුවන් ලෙස පෙනී සිටි අය කිසිවෙකු මෙතෙක් පොලිස් අත් අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20