අම්බානිගේ පුතුගේ විවාහ මංගල්‍ය මඟ හැරීම ගැන සනත් කණගාටුවෙන්

ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ පුත්‍රයෙකු වන ආනන්ද් අම්බානිගේ විවාහ මංගල උත්සවය ඊයේ (12) ඉන්දියාවේ මුම්බායි නුවර දී ආරම්භ වුණා.

ආනන්ද් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ මෙම විවාහ මංගල උත්සවය දින තුනක් පුරා ඇති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම විවාහ මංගල උත්සවය වෙනුවෙන් ලොව පුරා සිටින ජනප්‍රිය පුද්ගලයින්ට ඇරයුම් ලැබී තිබෙනවා.

එම පිරිස අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස පත්වීම් ලැබූ හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ද සිටින බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් සනත්ට එම සුන්දර අවස්ථාව සඳහා සහභාගිවීමට නොහැකි බව දන්වා තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුමට සටහනක් තබමින් සනත් පවසා ඇත්තේ පුද්ගලික කාරණාවක් හේතුවෙන් මෙම අවස්ථාව මඟ හැරීම ගැන මම ඉතා කණගාටුවට පත්වන බවයි.

ආනන්ද් සහ රාධිකා යුවළට ආශිර්වාද එක්කර ඇති සනත් ඔවුන්ට අසිරිමත් විවාහ ජීවිතයක් සඳහා ද අදාළ එක්ස් පණිවුඩයෙන් සුබ පැතුම් එක්කර තිබෙනවා.

එමෙන්ම මුම්බායි ඉන්දියන්ස් පවුල සමඟ ගත කළ කාලය පිළිබඳව ද සනත් එම එක්ස් පණිවුඩය මඟින් සිහිපත්කර තිබෙනවා.

1 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18