බිනුරටත් දඩ වදියි

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ආචාර ධර්ම සහ විනය චෝදනා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වේග පන්දු ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට දඩ ගෙවීම් නියම කර තිබෙනවා.

මේ දිනවල කොළඹ සහ පල්ලෙකැලේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ දී බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කරන්නේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙතයි.

පසුගියදා (ජූලි 02) කලම්බු කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර පැවති තරගයේ දී බිනුර විසින් ක්‍රීඩක ආචාර ධර්ම කඩන ලදැයි චෝදනා ලැබ තිබෙනවා.

විනිසුරුවරුන්ගේ උපදෙස්වලට ගරු නොකිරීම සහ අවනත නොවීමේ චෝදනාවට LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.4 වගන්තිය යටතේයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

බිනුර ප්‍රනාන්දුට එරෙහි ව පැවති විනය පරීක්ෂණයේ දී හෙතෙම සිය වරද පිළිගෙන ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් සහ දඬුවම් ලකුණක් ද ලබා දී ඇති බවයි ක්‍රීඩා ආරංචි මාර්ග පවසන්නේ.

මීට අමතර ව LPL ඇඳුම් පැළඳුම් හා උපකරණ රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් ද බිනුර ප්‍රනාන්දුගේ තරග ගාස්තුවෙන් සියයට 25ක් දඩ ලෙස අයකරගෙන ඇති අතර වනිඳු හසරංගට ද එම දඬුවම ම හිමි ව ඇත්තේ ඇඳුම් සම්බන්ධයෙන් ඇති වූ විනය චෝදනාවකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38