බිනුරටත් දඩ වදියි

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ආචාර ධර්ම සහ විනය චෝදනා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වේග පන්දු ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට දඩ ගෙවීම් නියම කර තිබෙනවා.

මේ දිනවල කොළඹ සහ පල්ලෙකැලේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ දී බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කරන්නේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙතයි.

පසුගියදා (ජූලි 02) කලම්බු කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර පැවති තරගයේ දී බිනුර විසින් ක්‍රීඩක ආචාර ධර්ම කඩන ලදැයි චෝදනා ලැබ තිබෙනවා.

විනිසුරුවරුන්ගේ උපදෙස්වලට ගරු නොකිරීම සහ අවනත නොවීමේ චෝදනාවට LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.4 වගන්තිය යටතේයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

බිනුර ප්‍රනාන්දුට එරෙහි ව පැවති විනය පරීක්ෂණයේ දී හෙතෙම සිය වරද පිළිගෙන ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් සහ දඬුවම් ලකුණක් ද ලබා දී ඇති බවයි ක්‍රීඩා ආරංචි මාර්ග පවසන්නේ.

මීට අමතර ව LPL ඇඳුම් පැළඳුම් හා උපකරණ රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් ද බිනුර ප්‍රනාන්දුගේ තරග ගාස්තුවෙන් සියයට 25ක් දඩ ලෙස අයකරගෙන ඇති අතර වනිඳු හසරංගට ද එම දඬුවම ම හිමි ව ඇත්තේ ඇඳුම් සම්බන්ධයෙන් ඇති වූ විනය චෝදනාවකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
14
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?